by Staff Writer . 14-01-2022 | 3:14 PM
COLOMBO (News 1st) – තලේබාන් සංවිධානය ඇෆ්ඝනිස්ථානය සඳහා වන ප්‍රථම අයවැය අනුමත කර තිබේ.
තලේබාන් සංවිධානය පැවසුවේ විදේශ ආධාර මත යැපීමකින් තොරව සිය ප්‍රථම අයවැය ඉදිරිපත් කිරීමට ලැබීම විශාල ජයග්‍රහණයක් බවයි.
මීට පෙර ඇෆ්ඝනිස්ථාන රජය ඉදිරිපත් කළ අයවැය ලේඛනයන්හි දළ දේශීය නිෂ්පාදිතයෙන් 40% ක් විදේශීය ආධාර ඇතුළත් විය.
අයවැය මගින් 2022 වසරේ පළමු කාර්තුව සඳහා වෙන්කර ඇති මුදල අමෙරිකානු ඩොලර් මිලියන 508 කි.
අයවැය ඉදිරිපත් වීමත් සමග වැටුප් නොලබා සිටින ඇෆ්ඝනිස්ථානයේ රාජ්‍ය සේවකයින්ට වැටුප් ලැබීමට නියමිත යි
එසේම රැකියාවට යාම තහනම් කර ඇති කාන්තාවන්ට ද නව අයවැය මගින් වැටුප් ලැබෙනු ඇති.