දෙවන එක්දින තරගයේ ජය අයර්ලන්තයට

කොදෙව්වන්ට එරෙහි දෙවන එක්දින තරගයේ ජය අයර්ලන්තයට

by Staff Writer . 14-01-2022 | 9:49 AM

COLOMBO (News 1st) - බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවති දෙවන එක්දින ක්‍රිකට් තරගය අයර්ලන්ත කණ්ඩායම කඩුලු 05 කින් ජය ගත්තේ ය.

කිංග්ස්ටන්හීදී පැවැති තරගයේ කාසියේ වාසිය හිමි කරගත් අයර්ලන්තය පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළේ ය. බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පන්දුවාර 48 ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කළේ ලකුණු 229 කි . ජයග්‍රහණය සඳහා ලකුණු 230 ක ඉලක්කයක් හඹායාමට පිටියට පිවිසි අයර්ලන්ත කණ්ඩායම පන්දුවාර 32 යි පන්දු 3 ක් අවසානයේ කඩුලු 5 ක් දැවී ලකුණු 168 ක් රැස් කරගෙන සිටියදී තරගයට වර්ෂාවෙන් බාධා එල්ල විය. ඒ අනුව ඩක්වස් සහ ලුවිස් නියායට අනුව තරගයේ ජය අයර්ලන්ත කණ්ඩායමට හිමිවිය