by Staff Writer . 14-01-2022 | 9:43 PM
COLOMBO (NEWS1ST) :කළහකාරී ලෙස හැසිරෙමින් නියමිත කාලයෙන් පසුව කොළඹ වරාය නගරයට ඇතුළුවීමට උත්සාහ කළැයි චෝදනා මත අද (14)පස්වරුවේ පුද්ගලයින් දෙදෙනෙකු කොටුව පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.
පස්වරු 6.00 ට කොළඹ වරාය නගරයේ පිවිසුම වසා දැමීම නිසා අද එහි පැමිණි විශාල පිරිසකට ඇතුළු වීමට අවස්ථාව නොලැබීම නිසා ඇතිවූයේ සංවාදාත්මක තත්ත්වයකි.
ඒ වනවිට වරාය නගරය තුළ සිටි පිරිසට ද පිටතට පැමිණීමට නොහැකි අයුරින් පිවිසුම දොරටුව වසාදමා තිබුණි.
පොලිසිය ද එම ස්ථානයට කැදවා තිබූ අතර දෙදෙනෙකු අත්අඩංගුවට ගත්තේ කළහකාරී ලෙස හැසිරුණු බවට චෝදනා මතයි.