නැවේ 2 වන්දියේ පළමු වාරිකය ඉදිරි සති දෙක ඇතුළතදී

එක්ස්ප්‍රස් පර්ල් නැව: 2 වන්දියේ පළමු වාරිකය ඉදිරි සති දෙක ඇතුළතදී

by Staff Writer . 14-01-2022 | 2:50 PM

COLOMBO (News 1st) - එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්න සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය ඉල්ලූ දෙවැනි වන්දි මුදලේ පළමු වාරිකය ඉදිරි සති දෙක ඇතුළත ලැබෙනු ඇතැයි සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය සඳහන් කළේ ය.

එහි සභාපති, නීතිඥ දර්ශනී ලහඳපුර මහත්මිය සඳහන් කළේ, මේ යටතේ ඩොලර් මිලියන 2.15 ක වන්දියක් හිමිවන බව ය. නෞකාව ගිනි ගැනීමෙන් සමුද්‍රීය පරිසරයට වූ හානිය සඳහා වන්දි ඉල්ලා, මේ වනවිට ලේඛන සකස් කර ඇතැයි ද ඇය සඳහන් කළා ය. දර්ශනී ලහඳපුර මහත්මිය සඳහන් කළේ, නෞකාව ගිනි ගැනීමෙන් මුහුදට පතිත වූ කන්ටේනර් කැබලි හා අනෙකුත් ද්‍රව්‍ය ගොඩ ගැනීම මේ වනවිට 70%කින් පමණ අවසන් කර ඇති බව ය.