by Staff Writer . 14-01-2022 | 10:17 AM
COLOMBO (News 1st) - අමෙරිකානු ජනාධිති ජෝ බයිඩ්න් කර්මාන්ත ශාලා සේවකයින්ට පනවා තිබූ කොවිඩ් නීතියක්, එරට ශ්‍රේෂ්ඨාධිකරණය අත්හිටුවා තිබේ.
එම නීතියට අනුව කර්මාන්ත ශාලා සේවකයින් එන්නත් ලබා ගැනීම, මුව ආවරණ පැළදීම හා සතිපතා කොවිඩ් පරීක්ෂාවන්ට ලක්වීම අනිවාර්ය විය.
එය බලපැවැත්වීමට නම් අවම වශයෙන් කර්මාන්ත ශාලාවක සේවකයින් 100 දෙනෙකු සිටිය යුතු වේ.
නව නීතිය අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය පැවසුවේ, ජෝ බයිඩ්න් සිය අධිකාරිමය බලය ඉක්මවා ගොස් ඇති බවය.
කෙසේ වෙතත් නව නීතිය එරට කොවිඩ් වසංගතය පාලනය සඳහා උපකාරී වනු ඇතැයි, අමෙරිකානු රජය ප්‍රකාශ කළේ ය.