කොරෝනා ආසාදිතයින් 677ක්… මරණ 16 ක්

කොරෝනා ආසාදිතයින් 677ක්… මරණ 16 ක්

කොරෝනා ආසාදිතයින් 677ක්… මරණ 16 ක්

කර්තෘ Sagarika Chathumali

14 Jan, 2022 | 10:13 pm

COLOMBO (NEWS1ST): අද දිනයේ මෙරටින් කොරෝනා ආසාදිතයින් 677 දෙනෙකු හඳුනාගෙන ඇතැයි, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

එම ආසාදිතයින් පිරිස අතර විදෙස්ගතව සිට පැමිණි තිදෙනෙකු ද වේ.

මේ අතර තවත් කොරෝනා මරණ 16 ක් වාර්තා වීමත් සමග මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 15,190 ක් දක්වා ඉහළ ගියේ ය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයට අනුව, මියගිය පිරිස වාර්තා වී ඇත්තේ, කාන්තා සහ පිරිමි ආසාදිතයින් 8 දෙනා බැගිනි.

මියගිය පිරිස අතර වයස අවුරුදු 30ට අඩු එක් පිරිමි ආසාදිතයෙක් ද වේ.

අවුරුදු 30 – 59 ත් අතර වයසේ පසුවන ආසාදිතයින් 05 දෙනෙකු සිටින අතර ඉතිරි ආසාදිතයින් 10 දෙනා ම වයස අවුරුදු 60 සහ එම වයස් සීමාව ඉක්ම වූ වැඩිහිටියන් ය.

අද (14) වාර්තා කරන ලද මෙම මරණ 16 සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කරනු ලැබ ඇත්තේ, ඊයේ දිනයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]