විද්‍යා පීඨ අධ්‍යන කටයුතු 18 සිට ඇරඹේ

විද්‍යා පීඨ අධ්‍යන කටයුතු 18 සිට ඇරඹේ

by Staff Writer . 13-01-2022 | 4:48 PM

COLOMBO (News 1st) –අධ්‍යාපන විද්‍යා පීඨ අනිද්දා ආරම්භ කරන ලෙස, අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා උපදෙස්දී තිබේ.

ඒ අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකදීයි. ඒ අනුව අනිද්දා විද්‍යා පීඨ කටයුතු ආරම්භ වන අතර, 18 වනදා සිට අධ්‍යාපන කටයුතු ආරම්භ කිරිමට නියමිතයි. දැනට පාසල්වල උසස් පෙළට තාක්ෂණවේදය විෂය ධාරාව හදාරන සිසුන්ට, එම විෂයයේ ගුරු පුහුණුව සඳහා ඇතුළත් වීමට නව විද්‍යා පීඨයක් ආරම්භ කිරීම කඩිනම් කරන ලෙසද අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබේ. පසුගිය කාලයේ අධ්‍යාපන විද්‍යා පීඨ වසා දමා තිබුණේ කෝවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන ලෙස ඒවා යොදා ගැනීම හේතුවෙනි. මේ වන විට විද්‍යා පීඨයන්හි සිසුන් 7784 දෙනකු පමණ ගුරු පුහුණුව ලබමින් සිටින අතර එයින් 4547 දෙනකු කඩිනමින් ගුරුවරුන් ලෙස බඳවා ගැනීමේ සුදුසුකම් සම්පූර්ණ කරමින් සිටී. එම පිරිස අදාළ ක්‍රියාවලියට අනුව කඩිනමින් ගුරුවරුන් ලෙස බඳවා ගන්නා ලෙස ද අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබේ.