by Staff writer 13-01-2022 | 4:34 PM
COLOMBO (News 1st) – මරණ දඬුවම නියම වූ හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රංජන් ළමාහේවා, බන්ධනාගාර රෝහලට ඇතුළත් කර තිබේ.
බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා සඳහන් කළේ , රැඳවියන්ගෙන් තර්ජන එල්ල විය හැකි බැවින් එම පියවර ගත් බවයි.
ඒ අනුව ඔහු මේ වනවිට බන්ධනාගාර නිලධාරීන්ගේ විශේෂ ආරක්ෂාව යටතේ බන්ධනාගාර රෝහලේ රඳවා සිටින බව චන්දන ඒකනායක මහතා සඳහන් කළේ ය.
අධිකරණය ඔහුට මරණ දඬුවම නියම කළේ , 2012 වසරේ වැලිකඩ බන්ධනාගාර තුළ සිදුවූ ගැටුමේදී බන්ධනාගාර රැඳවියෙක්ව සිටි පොන්ඩ අමිල නැමැත්තා පැහැර ගෙන යෑම සහ ඝාතන චෝදනාවන්ට වරදකරු බව තීන්දු කරමින් ය.