by Staff Writer . 13-01-2022 | 1:35 PM
COLOMBO (News 1st) – ක්‍රීඩා අමාත්‍යවරයා සමග පැවැති සාකච්ඡාවකින් අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක භානුක රාජපක්ෂ ජාත්‍යන්තර තරග බිමෙන් සමු ගැනීමට ගත් තීරණය වෙනස් කර ඇතැයි වාර්තා වේ.
එම වාර්තා වැඩි දුරටත් සඳහන් කරන්නේ, ඒ පිළිබඳව ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයටද දැනුම් දී ඇති බවයි.
ඒ අනුව දෙපාර්ශවයම එම තීරණයට එකඟ වී තිබේ.
30 වැනි වියේ පසු වන භානුක එක්දින ජාත්‍යන්තර තරග 5කට ක්‍රීඩා කර ඇති අතර සහභාගී වූ පන්දුවාර 20යි 20 ජාත්‍යන්තර තරග ගණන 18කි.