by Staff Writer . 13-01-2022 | 10:10 AM
COLOMBO (News 1st) – නොරෝච්චෝලේ ගල්අඟුරු විදුලි බලාගාරයේ අක්‍රිය වී ඇති ජනන යන්ත්‍රය පරීක්ෂා කිරීමට චීන විශේෂඥයෙකු මෙරටට පැමිණෙන බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.
එහි සභාපති එම්.එම්.සි. ෆර්ඩිනැන්ඩු මහතා සඳහන් කළේ, අදාළ ජනන යන්ත්‍රය කඩිනමින් අලුත්වැඩියා කර මොගාවොට් 300 ධාරිතාවක් කඩිනමින් ජාතික විදුලි පද්ධතියට එක් කිරිමට අපේක්ෂා කරන බවයි.
ඒ සමග විදුලි සැපයුම සම්බන්ධයෙන් මේ වන විට උද්ගතව ඇති තත්ත්වය බොහෝ දුරට නිරාකරණය වනු ඇති බව ද ඔහු ප්‍රකාශ කළේ ය.
මේ අතර නොරෝච්චෝලේ විදුලි බලාගාරයට අවශ්‍ය ගල්අඟුරු සැපයුම බාධාවකින් තොරව සම්පාදනය කිරිමට වැඩ පිළිවෙළක් සකස් කර තිබේ.
මෙම වසරේ මැයි මාසය දක්වා ගල්අඟුරු තොග ප්‍රමාණවත්ව ඇතැයි විදුලිබල මණ්ඩල සභාපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.