by Staff Writer . 13-01-2022 | 9:28 AM
COLOMBO (News 1st) – දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංඛේත වැඩවර්ජනය හේතුවෙන් දුම්රිය ගමන්වාර 200ක් අවලංගු කර ඇති බව දුම්රිය සාමාන්‍යධිකාරීවරයා පවසයි.
කාර්යාල දුම්රිය ගමන්වාර 80ක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව ද සාමාන්‍යධිකාරීවරයා සඳහන් කළේ ය.
දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා සඳහන් කළේ, ඊයේ රාත්‍රි 12 සිට අද රාත්‍රි 12 සිට අද රාත්‍රි 12 දක්වා වැඩවර්ජනය ක්‍රියාත්මක බවයි.
දුර ගමන් සේවා කලින් ආසන වෙන් කළ දුම්රියයන් නොදන්වා අත්තනෝමතික ලෙස අවලංගු කිරීම, දුම්රිය ධාවන කාර්‍යමණ්ඩලය නිසිලෙස පරිපාලනය නොකිරීම, සාමාන්‍ය දුම්රිය කාලසටහන ක්‍රියාත්මක නොකිරීම,රාජ්‍ය අමාත්‍යතුමා ලබා දුන් නියෝගයන් ක්‍රියාත්මක නොකිරීම ආදී ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය මෙම හදිසි වැඩ වර්ජනය ආරම්භ කළේ ය.
දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ වැඩ වර්ජනය හේතුවෙන් දුම්රිය ස්ථාන වල සංඥා ක්‍රියාත්මක නොවීමෙන් පොල්ගහවෙල දුම්රිය ස්ථානයෙන් කොළඹ බලා පිටත්වීමට නියමිත දුම්රිය වේදිකාවට ගැනීමට නොහැකි විය.
ඒ හේතුවෙන් මගීන් පත්වූයේ දැඩි අපහසුතාවයකටයි.
පොල්ගහවෙලින් දුම්රිය කිහිපයක් ප්‍රමාදවී ධාවනයවූ බව අප වාර්තාකරු පැවසී ය.
දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ වැඩ වර්ජනය හේතුවෙන් කුරුණෑගල දුම්රිය ස්ථානයෙන් කොළඹ කොටුව බලා ධාවනය වීමට නියමිතව තිබූ කාර්යාල දුම්රිය අවලංගු විය.
අප වාර්තාකරු පැවසුවේ, කුරුණෑගල දුම්රිය ස්ථානයේ ප්‍රවේශපත් නිකුත් කරන ස්ථානයට මුද්‍රා තැබුණු බවයි.
දුම්රිය වැඩවර්ජනය හේතුවෙන් අනුරාධපුර දුම්රිය ස්ථානය දොර අගුළු දමා වසා දමා ඇති බව අප වාර්තාකරු පැවසී ය.