ජාතික සම්පත් විකිණීමට එරෙහිව විරෝධතාවක්..

ජාතික සම්පත් විකිණීමට එරෙහිව ත්‍රිකුණාමලයේ විරෝධතාවක්..

by Staff writer 13-01-2022 | 9:55 PM

COLOMBO (News 1st) – ජාතික සම්පත් විකිණීමට එරෙහි තෙල්, වරාය, විදුලි ඒකාබද්ධ සන්ධානය ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණය රැකගන්නයි බලකරමින් ත්‍රිකුණාමලයේ විරෝධතාවක නිරත විය.

පසුව පා ගමනින් ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණයට පැමිණි පිරිස ඉහළ කොටසට ඇතුල්වුණේ ආරක්ෂක නිලධාරීන්ගේ විරෝධය නොතකා ය. ජාතික භික්ෂු පෙරමුණේ ප්‍රධාන ලේකම් පූජ්‍ය වකමුල්ලේ උදිත හිමි මේ මහා ධන නිධානය කැලේට වැහෙන්න ඇරලා අපේ රටේ පාලකයෝ අද හිඟමනේ යනවා මුළු ජාතියක් හිඟමනට වට්ටලා දියනවා දිනින් වට්ටලා තියනවා. දේශාභිමානය තියනවා කියලා කියනවා දේශප්‍රේමී කියලා කියනවා පස්කනවා පොළවට ගහ ගහන්නවා. මේ ඔක්කොම කරන අයට අපි කියනවා කරුණාකරලා මෙන්න මේ විනාශය මේ වෙන්දේසිකාර ආණ්ඩුවේ මේ විනාශයෙන් මේ ජාතික සම්පත් රැකගන්න දැන් ඉස්සරහට එන්න ඕනකම තියනවා මේවා තමයි ඩොලර් නිධාන. තෙල් ටැංකි සංකීර්ණයේ 75 වන ටැංකියේ ඉහළට නැගුණ ජාතික සම්පත් විකිණීමට එරෙහි තෙල් ,වරාය, විදුලි ඒකාබද්ධ සන්ධායේ සාමාජිකයින් අවට ප්‍රදේශයද නිරීක්ෂණය කළේ ය.