ජනපති ලිට්‍රෝ ගෑස් පර්යන්තයට

ජනපති කෙරවලපිටිය ලිට්‍රෝ ගෑස් පර්යන්තයේ නිරීක්ෂණ චාරිකාවක..

by Staff writer 13-01-2022 | 9:19 PM

COLOMBO (News 1st) – අද (13) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කෙරවලපිටියේ ලිට්‍රෝ ගෑස් පර්යන්තයට පැමිණියේ ය.

ඉදිරි දින කිහිපයය තුළ දැනට පවතින ලිට්‍රෝ ගෑස් ඉල්ලුම සැපිරීමට හැකි වෙතැයි සමාගම අපේක්ෂා කරන බව ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ය. මෙහෙයුම් මැදිරිය, ගබඩා සංකීර්ණය හා පිරවුම් අංගනය නිරීක්ෂණය කළ ජනාධිපතිවරයා සේවකයින් ද හමුවී තොරතුරු විමසා බැලුවේ ය.