භානුක ක්‍රිකට් පිටියට සමුදීමේ තීරණය ඉවත් කරගනී

භානුක ක්‍රිකට් පිටියට සමුදීමේ තීරණය ඉවත් කරගනී

භානුක ක්‍රිකට් පිටියට සමුදීමේ තීරණය ඉවත් කරගනී

කර්තෘ Staff Writer .

13 Jan, 2022 | 1:35 pm

COLOMBO (News 1st) –  ක්‍රීඩා අමාත්‍යවරයා සමග පැවැති සාකච්ඡාවකින් අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක භානුක රාජපක්ෂ ජාත්‍යන්තර තරග බිමෙන් සමු ගැනීමට ගත් තීරණය වෙනස් කර ඇතැයි වාර්තා වේ.

එම වාර්තා වැඩි දුරටත් සඳහන් කරන්නේ, ඒ පිළිබඳව ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයටද දැනුම් දී ඇති බවයි.

ඒ අනුව දෙපාර්ශවයම එම තීරණයට එකඟ වී තිබේ.

30 වැනි වියේ පසු වන භානුක එක්දින ජාත්‍යන්තර තරග 5කට ක්‍රීඩා කර ඇති අතර සහභාගී වූ පන්දුවාර 20යි 20 ජාත්‍යන්තර තරග ගණන 18කි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]