එමිල් රංජන්ට මරණ දඬුවම

වැලිකඩ බන්ධනාගාර ගැටුමේදී රැඳවියන් 8ක් ඝාතනය: එමිල් රංජන්ට මරණ දඬුවම: නියෝමාල් රංගජීව නිදොස් කොට නිදහස්

by Staff writer 12-01-2022 | 6:40 PM

COLOMBO (News 1st) – 2012 වසරේ වැලිකඩ බන්ධනාගාර ගැටුමේදී රැඳවියන් 8 දෙනෙකුගේ ඝාතන සම්බන්ධයෙන් විභාගයට ගැනුණු නඩුවේ තීන්දුව මීට ටික වේලාවකට පෙර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ප්‍රකාශයට පත් කළේ ය.

ඒ අනුව හිටපු පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව මහතා සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කර තිබේ. චෝදනා 4 කින් නිදහස් ලැබූ හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රංජන් ළමාහේවා මහතා එක් චෝදනාවකට වරදකරු කරමින් මරණ දණ්ඩනය නියම කළේ ය.