තවත් කොරෝනා මරණ 14 ක්

තවත් කොරෝනා මරණ 14 ක්

by Staff writer 12-01-2022 | 9:13 PM

COLOMBO (News 1st) –  කොරෝනා ආසාදිතව තවත් පුද්ගලයින් 14 දෙනෙකු මියගොස් තිබේ.

පිරිමි පුද්ගලයින් 07 දෙනෙකු හා කාන්තාවන් 07 දෙනෙකු ඊට ඇතුළත් ය. මියගිය පිරිස අතරින් 11 දෙනෙකුම අවුරුදු 60 හෝ ඊට වැඩි පුද්ගලයින් වේ. ඒ අනුව මෙරටින් වාර්තාවන සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 15,163 කි. විදෙස්ගතව සිට පැමිණි දෙදෙනෙකු ඇතුළුව අද මේ වනවිට මෙරටින් හඳුනා ගෙන ඇති කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 653 කි.