කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ ඉදිකිරීම් ඇරඹේ

by Staff Writer . 12-01-2022 | 10:51 AM

COLOMBO (News 1st) –ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නැගෙනහිර පර්යන්තයේ ඉදිකිරීම් කටයුතු අද කොළඹ වරායේ නැගෙනහිර ජැටියේදී ආරම්භ විය.

ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි. මීටර 1,320 ක දිගකික් යුත් කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ ඉදි කිරීම් 2024 වසරේ අවසන් කිරීමට නියමිතයි. නැගෙනහිර පර්යන්ත ව්‍යාපෘතිය සඳහා වැයවන මුදල ඩොලර් මිලියන 500කි. පර්යන්තයේ පළමු අදියරේ කටයුතු ලබන වසරේ ජූලි මස 04 වනදා අවසන් වීමට නියමිත අතර එම කොටස මීටර් 600 ක දුරකින් යුුතු වේ. පළමු අදියරේදී නැගෙනහිර පර්යන්තයේ එස් ටී එස් දොඹකර 06 ක් හා ඒ ආර් එම් ජි දොඹකර 20 ක් ස්ථාපනය කිරීමට නියමිතයි. නැගෙනහිර පර්යන්තයේ සම්පූර්ණ වැඩකටයුතු ලබන 2024 වසරේ ජූලි මස 04 වනදා අවසන් වීමට නියමිතව ඇත්තේ එස් ටී එස් දොඹකර 12 කින් හා ඒ ආර් එම් ජි දොඹකර 40 කින් සමන්විතවයි.