by Staff Writer . 12-01-2022 | 3:21 PM
COLOMBO (News 1st) – විදුලිය විසන්ධි නොකරන බවට ජනතාවට පෙර දැනුම් දි තිබියදිත් ඊයේ රාත්‍රියේ හදිසියේ විදුලිය විසන්ධි කිරිම පිලිබදව වාර්තාවක් කැඳවා ඇතැයි විදුලි බල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පවසයි.
අමාත්‍යවරයා පැවසුවේ ඒ පිළිබඳව සොයා බලා වාර්තා කරන්නැයි, විදුලි බල මණ්ඩලයේ උප සභාපතිවරයාට දැනුවත් කර ඇති බවයි.
කැලණිතිස්ස බලාගාරයේ පිහිටි පෞද්ගලික බලාගාරයක කාර්මික දෝශයක් හේතුවෙන් ඊයේ රාත්‍රි දිවයිනේ ප්‍රදේශ රැසක විදුලිය විසන්ධි කිරිමට ලංකා විදුල බල මණ්ඩලය පියවර ගැනිණ.
හදිසි විදුලිය කප්පාදුව පිළිබඳ කුමන්ත්‍රණයක් පවතින බවට සැකයක් පවතින බවට ද අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා සැක පළ කළේ ය.
මේ අතර අද දිනයේද කලාප වශයෙන් රාත්‍රි කාලයේ විදුලිය විසන්ධි කිරිමට සිදුවන බව විදුලි බල අමාත්‍යංශය පවසයි.
එහි අතිරේක ලේකම් සුගත් ධර්මකීර්ති මහතා සඳහන් කළේ කාර්මික දෝෂයකට ලක්වූ කැලණිතිස්ස බලාගාර සංකීර්ණයේ පිහිටි පෞද්ගලික බලාගාරයේ අලුත්වැඩියා කටයුතු තවදුරටත් සිදුවන බවයි.