by Staff Writer . 11-01-2022 | 9:34 AM
COLOMBO (News 1st) – මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් 46 හැවිරිදි කාන්තාවක් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ 5 වන මහලින් පැන මියගොස් ඇතැයි පොලීසිය පවසයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිතීඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේ, අද අලුයම 4 .00 ට පමණ ඇය 5 වන මහලින් පැන ඇති බවයි.
කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරිමෙන් අනතුරුව ඇය මියගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කළේ ය.
රුපියල් හය කෝටි අසුතුන්ලක්ෂ හතළිස් දහසක මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් ඊයේ ඇය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.
එම කාන්තාව කොට්ටාව ප්‍රදේශයේ පදිංචිකාරියකි.