හාල් මෙට්‍රික් ටොන් ලක්ෂ 3ක් ආනයනයට අනුමැතිය

හාල් මෙට්‍රික් ටොන් ලක්ෂ 3ක් ආනයනයට අනුමැතිය

by Sagarika Chathumali 11-01-2022 | 11:44 AM

COLOMBO (News 1st) –  නාඩු සහල් මෙට්‍රික් ටොන් 200,000 ක් සහ සම්බා සහල්වලට අදේශ වශයෙන් GR 11 short Grain සහල් මෙට්‍රික් ටොන් 100,000 ක් ආනයනය සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

විවෘත වෙළඳපොළේ ප්‍රමාණවත් සහල් තොග පවතින බව තහවුරු කර ගැනීම සඳහා මෙලෙස සහල් ආනයනය කරනු ඇති. සාධාරණ මිලට සහල් ලබා දීම සඳහා අවශ්‍ය සහල් ආනයනය කිරීමේ මෙම යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇත්තේ, වෙළඳ අමාත්‍යවරයා විසිනි.