by Sagarika Chathumali 11-01-2022 | 12:09 PM
COLOMBO (News 1st) – සත්ත්ව සුබ සාධන පනත් කෙටුම්පත ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් කෘෂිකර්ම අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
නීති කෙටුම්පත් සම්පාදක විසින් කෙටුම්පත් කර ඇති කෙටුම්පත සඳහා නීතිපතිවරයාගේ ද නිෂ්කාශනය ද ලැබී ඇත.
සත්ත්ව සුබ සාධන පනත් කෙටුම්පත කෙටුම්පත් කිරීමේ කටයුතු කඩිනමින් අවසන් කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවූයේ, 2020 ඔක්තෝබර් 19 වැනිදායි.