by Staff Writer . 11-01-2022 | 3:35 PM
COLOMBO (News 1st) – මේ අතර 2022 යල කන්නය සඳහා දේශීය නිෂ්පාදකයින්ගෙන් කාබනික පොහොර මිල දි ගැනීමට රජය තීරණය කර තිබේ.
මේ සඳහා වැය කරන්නේ පොහොර සහනාධාර වැඩසටහන යටතේ වෙන් කර ඇති මුදල් ය.
දේශීය නිෂ්පාදකයින්ගෙන් පරිසර හිතකාමී පොහොර මිල දී ගැනීම රජයේ පොහොර සමාගම් දෙකට පැවරේ.
මෙම යෝජනාව ඇමති මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබුවේ, කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතායි.