විදුලිය කැපෙන්නේ අවශ්‍ය වුණොත් පමණයි-රමේෂ් පතිරණ

යම් අවස්ථාවලදී යම් විදුලි බිඳ වැටීමක් වෙන්න පුළුවන් - රමේෂ් පතිරණ

by Staff Writer . 11-01-2022 | 12:37 PM

COLOMBO (News 1st) –  විදුලිය කප්පාදුව සිදු කරන්නේ අවශ්‍යතාව මත පමණක් බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.

මේ වන විට විදුලිය කැපීමේ සැලැස්මක් ජනතාව වෙත ඉදිරිපත් කර තිබෙන්නේ පෙර සූදානමක් ලෙස බව ද සම කැබිනට් ප්‍රකාශකවරයා සඳහන් කළේ ය. නොරොච්චෝලේ ජනන යන්ත්‍රය යථාවත් කිරීමට තවත්   9ක් පමණ ගත වන බව ත් සපුගස්කන්ද බලාගාරය සඳහා අවශ්‍ය දැවි තෙල් යම් ප්‍රමාණයක් රට තුළ පවතින බවත් එය ක්‍රමානුකූලව නිකුත් කරමින් සිටින බවත් සම කැබිනට් ප්‍රකාශකවරයා පැවසී ය.
''ගැටලුවක් තිබෙනවා. එම ගැටලුව අපට මතු වෙන්න පුළුවන් ඉදිරි දින 10ක කාලය තුළ එහිදී ඉදිරිපත් කරලා තියන සැලස්මට අනුව යම් අවස්ථාවලදී යම් විදුලිය බිඳවැටීමක් සිදු වෙන්න පුළුවන්''