by Staff Writer . 11-01-2022 | 4:09 PM
COLOMBO (News 1st) – කිඹුලාපිටියේදී ගුවන් යානයක හදිසි ගොඩ බැස්සවීමේ සිද්ධිය සම්බන්ධයෙන් CCD අත්අඩංගුවට පත් අදාළ යානය අයත් ගුවන්සේවා ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන ඉංජිනේරුවරයා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
ඔවුන් දෙදෙනා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත්තේ, ලබන 18 වැනිදා දක්වායි.
පසුගිය මස 27 වැනිදා අදාළ සැහැල්ලු ගුවන් යානය අනතුරට ලක් වූ අතර අනතුරින් එහි සිටි විදේශීය යුවළක් ඇතුළු සිව් දෙනෙක් තුවාල ලැබූහ.
පසුව අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහා මූලික විමර්ශන මණ්ඩලයක් ද පත්කර කෙරිණ.