කතරගම සභාපති ධුරය දැරීම අත්හිටුවයි

කතරගම ප්‍රා. සභා සභාපති ධුරය දැරීම අත්හිටුවමින් අතුරු තහනම් නියෝගයක්

by Staff Writer . 11-01-2022 | 4:33 PM

COLOMBO (News 1st) –  කතරගම ප්‍රදේශීය සභාවේ සභාපති චානක අමිල් රංගන සභාපති ධුරය දැරිම අත්හිටුවමින් හම්බන්තොට මහාධිකරණ විනිසුරු රසාන්ත ගොඩවෙල මහතා අද (11) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේ ය.

කතරගම ප්‍රදේශය සභාවේ අයවැය දෙවරක් පරාජය වි තිබියදිත් , පළාත් පාලන නීතිය අනුව සභාපති ධුරයෙන් ඉවත් නොවී එම ධුරය තවදුරටත් දැරීමට එරෙහිව ඉදිරිපත් වූ පෙත්සමක් අද විභාගයට ගත් අවස්ථාවේදි එම නියෝගය නිකුත් කළේ ය. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට බලය හිමි කතරගම ප්‍රදේශීය සභාවේ මන්ත්‍රී සංයුතිය 16කි. ඉන් උපසභාපති ඇතුළු මන්ත්‍රීවරු 13 දෙනකුම අයවැයට විපක්ෂව ජන්දය භාවිත කර තිබේ. පෙත්සම්කරුවන් අධිකරණයට පෙන්වා දි ඇත්තේ අයවැය දෙවරක් පරාජය වි තිබියදිත් ඌව පළාත් ආණඩුකාර ඒ.ජේ. එම් මුසම්මිල් මහතා පළාත් පාලන නීතියට පටහැනි ලෙස වත්මන් සභාපතිවරයා තවදුරටත් එම ධුරයේ පිහිටුවා ඇති බවයි. පළාත් පාලන නීතිය අනුව වාර්ෂික අයවැයක් දෙවරක් වරක් පරාජය වුහොත් සභාපතිවරයා ඉල්ලා අස් වුවා සේ සලකන නමුත් එම නීතිය ‍නොතකා සභාපති ධුරයේ බලහත්කාරයෙන් රැඳී සිටිමට එරෙහිව මෙම පෙත්සම ගොනු කර ඇත්තේ කතරගම ප්‍රදේශීය සභාවේ පාලක පක්ෂය වන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේම තවත් මන්ත්‍රීවරුන් 6 දෙනකි. ලබන 25 වැනිදා පෙත්සම යළි කැඳවීමට නියමිතයි.