ලොව පළමු වරට ඌරෙකුගේ හදවතක් මිනිසෙකුට බද්ධ කරයි

ලොව පළමු වරට ඌරෙකුගේ හදවතක් මිනිසෙකුට බද්ධ කරයි

ලොව පළමු වරට ඌරෙකුගේ හදවතක් මිනිසෙකුට බද්ධ කරයි

කර්තෘ Staff Writer .

11 Jan, 2022 | 9:06 am

COLOMBO (News 1st) –  ලොව පළමු වරට ජානමය වශයෙන් වෙනස් කරන ලද ඌරකුගේ හදවතක් මිනිසකුට බද්ධ කර තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, 57 හැවිරිදි ඩේවිඩ් බෙනට් නමැති ඇමරිකානු ජාතිකයකුට එම බද්ධ කිරීම සිදු කර ඇති බවයි.

මෙම හදවත් බද්ධ කිරීම සිදු කරනු ලැබ ඇත්තේ, ඇමරිකාවේ මෙරිලන්ඩ් විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පර්යේෂණ කණ්ඩායමක් විසිනි.

ඔවුන් පැවසුවේ දිගු කාලයක සිට මාරාන්තික හෘද රෝගයකින් පෙළුණු ‍මෙම රෝගියාට සිදු කළ අවසන් ප්‍රතිකර්මය ලෙස මෙම අත්හදා බැලීම සිදු කළ බවයි.

පැය 7 ක සැත්කමකින් පසුව ඔහු මේ වන විට යහපත් සෞඛ්‍ය තත්ත්වයේ පසු වන බව වෛද්‍යවරු පෙන්වා දෙති.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]