by Staff Writer . 11-01-2022 | 8:47 AM
COLOMBO (News 1st) – කොරෝනා වෛරසයේ ඔමික්‍රෝන් ප්‍රබේදය සඳහා පමණක් නව එන්නතක් නිෂ්පාදනය කිරිමට ෆයිසර් සමාගම සුදානම් වේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, මාර්තු මාසයේදි ඒම නව එන්නත නිෂ්පාදනය කළ හැකි වනු ඇති බවයි.
සෙසු කොරෝනා වෛරස ප්‍රබේදයන්ට සාපෙක්ෂව මෘදු රෝග ලක්ෂණ පැවතියත් ,ඔමික්‍රෝන් ප්‍රබේදයේ ඉහළ ව්‍යාප්තිය හමුවේ මෙම පියවර ගත් බව ෆයිසර් සමාගම පැවසී ය.
කෙසේ වෙතත් සෞඛ්‍ය බලධාරින් පවසන්නේ දැනට ලබා දෙන කොරෝනා මර්දන එන්නත් මගින් ද සාධාරණ ආරක්ෂාවක් සපයන බවයි.