සපුගස්කන්ද 26 සිට යළි මෙහෙයුම් අරඹයි

සපුගස්කන්ද පිරිපහදුවේ මෙහෙයුම් යළි ඇරඹීමට තීරණය කෙරේ

by Staff Writer . 10-01-2022 | 1:20 PM

COLOMBO (News 1st) - සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුවේ මෙහෙයුම් ලබන 26 වැනිදා සිට යළි ආරම්භ කිරීමට තීරණය කර තිබේ.

බලශක්ති අමාත්‍යාංශ ලේකම්, කේ.ඩී.ආර්. වොල්ගා මහත්මිය සඳහන් කළේ , බොරතෙල් නෞකාවක් ලබන 23 වැනිදා මෙරටට ළඟා වීමට නියමිත බවයි. එම තත්ත්වය යටතේ, පිරිපහදුවේ කටයුතු යළි ඇරඹීමට පියවර ගන්නා බව, ඇය සඳහන් කළා ය. රටේ උද්ගතව ඇති විදේශ විනිමය අර්බුදය හේතුවෙන් බොර තෙල් මිලදී ගැනීමේ දුෂ්කරතාව හේතුවෙන්, සපුගස්කන්ද පිරිපහදුව පසුගිය 03 වැනිදා සිට තාවකාලිකව වසා දැමිණ. කෙසේ වෙතත් තෙල් පිරිපහදුව තාවකාලිව වසා දැමීමෙන් රට තුළ තෙල් හිඟයක් ඇති නොවන බවට බලශක්ති අමාත්‍යාංශය සහතික වේ.   https://youtu.be/SK55zuYUQZ8