මුතූර්හි රිය අනතුරකින් 26 ක් රෝහලේ

මුතූර් ටිපර් - බස් අනතුරෙන් 26 ක් රෝහලේ

by Staff Writer . 10-01-2022 | 11:56 AM

COLOMBO (News 1st) - මූතූර්, පට්ටිතිඩාල් ප්‍රදේශයේදී බස් රථයක් සහ ටිපර් රථයක් එකිනෙක ගැටීමෙන් පුද්ගලයින් 26 දෙනෙකු තුවාල ලබා තිබේ.

පොලිසිය සඳහන් කළේ, අම්පාර සිට ත්‍රිකුණාමලය බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් සහ ටිපර් රථයක් ගැටීමෙන් අනතුර සිදුව ඇති බව ය. අනතුරින් කාන්තාවන් තිදෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 23 දෙනෙකු තුවාල ලබා රෝහල‍ෙගත කළ බව, මුතූර් රෝහලේ ප්‍රකාශකයෙක් සඳහන් කළේ ය. ඔහු තවදුරටත් සඳහන් කළේ, බරපතළ තත්ත්වයේ පසුවන තිදෙනෙකු ත්‍රිකුණාමලය රෝහල වෙත මාරු කර යැවීමට පියවර ගත් බවයි. අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක ය.   https://youtu.be/xygkXSLPtpA