වෙරළ තීර දෙකකින් පිරිමි මළ සිරුරු දෙකක්

බම්බලපිටිය හා වැල්ලවත්ත වෙරළ තීරවල පිරිමි මළ සිරුරු 2 ක්

by Staff Writer . 10-01-2022 | 1:52 PM

COLOMBO (NEWS1ST): බම්බලපිටිය හා වැල්ලවත්ත වෙරළ තීරවලින් පිරිමි පුද්ගලයින් දෙදෙනෙකුගේ මළ සිරුරු හමුව තිබේ.

පොලිසිය සඳහන් කළේ, එම මළ සිරුරු අද (10) දහවල් වෙරළ තීරයන්ට ගොඩ ගසා තිබියදී සොයා ගත් බවයි. මිය ගිය පුද්ගලයින්ගේ අන්‍යතාව මෙතෙක් හෙළිවි නොමැත.