.webp)
ගල් අඟුරු සහ පොසිල ඉන්ධන භාවිතයෙන් විදුලි උත්පාදනයේදී පැන නැගී ඇති ගැටලු කිහිපයක් හේතුවෙන් මෙම තත්ත්වය උද්ගත ව ඇති බව නිලධාරීන් එහිදී පෙන්වා දී ඇත.
රටේ ඇති ගල් අඟුරු සංචිත විදුලි අර්බූදයකට ඉඩ නොදී කළමනාකරණය කර ගැනීමට ප්‍රමාණවත් බව එහිදී පෙන්වා දී ඇති නිලධාරීන් ඉන්ධන භාවිතයෙන් කෙරෙන විදුලි උත්පාදන කළමනාකරණය කිරීමෙන් විදුලි කප්පාදුවකට යෑමෙන් වැළකිය හැකි බව ද එහිදී පෙන්වා දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසී ය. අමාත්‍ය වන ගාමිණී ලොකුගේ, අමාත්‍ය උදය ගම්මන්පිල, මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්, ජනාධිපති ලේකම්, මුදල් අමාත්‍යාංශ ලේකම් ඇතුළු විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශවල නිලධාරීන් පිරිසක් මෙම සාකච්ඡාවකට එක්ව සිට ඇත.