කොළොන්නාවේ ඇළ මාර්ගයක පිරිමි මළ සිරුරක්

කොළොන්නාවේ ඇළ මාර්ගයක පිරිමි මළ සිරුරක්

by Staff Writer . 10-01-2022 | 4:57 PM

COLOMBO (NEWS1ST):  කොළොන්නාවේ ඇළ මාර්ගයක තිබී පිරිමි මළ සිරුරක් හමුවූ බව පොලිසිය පවසයි.

පොලීසිය සඳහන් කළේ, ලද තොරතුරක් අනුව එම මළ සිරුර සොයා ගත් බවයි. වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි 56 හැවිරිදි පුද්ගලයෙකු එලෙස මිය ගොස් ඇති අතර ඔහුගේ, ඥාතීන් පැමිණ මිය ගිය පුද්ගලයා හඳුනාගත් බව පොලීසිය පැවසී ය. කොළඹ අලුත්කඩේ අංක 06 මහේස්ත්‍රාත්වරයා පැමිණ මහේස්ත්‍රාත් පරික්ෂණය සිදු කර ඇති අතර මළ සිරුර පශ්චාත් මරණ පරික්ෂණය පැවැත්විම සඳහා කොළඹ පොලිස් මෘත ශරිරාගාරයට රැගෙන ගිය බව පොලිසිය ප්‍රකාශ කළේ ය. මේ අතර බම්බලපිටිය හා වැල්ලවත්ත වෙරළ තීරවල තිබී පිරිමි පුද්ගලයින් දෙදෙනෙකුගේ මළ සිරුරු දෙකක් අද (10) හමුවී තිබිණ. අද (10) දහවල් වෙරළ තීරයන්ට ගොඩ ගසා තිබූ මෙම මළ සිරුරුවල අනන්‍යතාව මෙතෙක් හෙළිවී නොමැත.