නිව්යෝර්ක් නිවාස සංකීර්ණයක ගින්නකින් 19 ක් මරුට

නිව්යෝර්ක් මහල් නිවාස සංකීර්ණයක ගින්නකින් 19ක් මරුට..

by Staff writer 10-01-2022 | 8:14 AM

COLOMBO (News 1st) – අමෙරිකාවේ නිව්යෝර්ක් නුවර මහල් නිවාස සංකීර්ණයක ඇති වූ ගින්නකින් පුද්ගලයින් 19 දෙනෙකු මියගොස් තිබේ.

මියගිය අය අතර ළමුන් 9 දෙනෙකු ද වන බව විදෙස් වාර්තාවන්හී සඳහන් ය. විදෙස් වාර්තා සඳහන් කළේ, පුද්ගලයින් 63 කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇති බවයි. මහල් 19කින් යුත් ගොඩනැගිල්ලේ දෙවන හා තුන්වන මහලේ මෙම ගින්න හටගෙන තිබේ.