හෙට සිට සාමාන්‍ය පරිදි සියලු සිසුන් පාසල් වෙත..

හෙට සිට සාමාන්‍ය පරිදි සියලු සිසුන් පාසල් වෙත..

by Staff writer 09-01-2022 | 5:24 PM

COLOMBO (News 1st) – හෙට (10) සිට සාමාන්‍ය පරිදි සියලු සිසුන් පාසල් වෙත කැඳවා ඇති බව, අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

එහි පාසල් කටයුතු පිළිබඳ අතිරේක ලේකම් ලලිතා එගොඩවෙල මහත්මිය පැවසුවේ, සියලුම සිසුන් එකවර පාසල් වෙත පැමිණීමට අදාළ මාර්ගෝපදේශ සෞඛ්‍යය අමාත්‍යාංශය මගින් නිකුත් කර ඇති බවය. කෙසේ වෙතත් පාසල් ආපන ශාලා තවදුරටත් වසා තැබීමට ද, අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ. අතිරේක ලේකම්වරිය පැවසුවේ, පාසල් ළමුන් ප්‍රවාහනයේදී ද සෞඛ්‍ය උපදෙස්වලට අනුගත වෙමින් ක්‍රියාකරන්නැයි, දැනුම් දී ඇති බවය.