by Staff Writer . 09-01-2022 | 2:42 PM
COLOMBO (News 1st) - බදුල්ල සිට මහනුවර බලා ධාවනය වූ දුම්රියක් හාලිඇල ප්‍රදේශයේදී පීලිපැන තිබේ.
නාවලපිටිය දුම්රිය ස්ථානය සඳහන් කළේ, මගීන් සහ භාණ්ඩ ප්‍රවාහන දුම්රියක් එලෙස පීලිපැනීමට ලක්ව ඇති බවය.
එම දුම්රිය පෙරවරු 11.15 ට පමණ පීලිපැනීමට ලක්ව තිබේ.
දුම්රිය මාර්ගයේ පීලිගත කිරීම් ආරම්භ කිරීමට කටයුතු යොදා ඇතැයි නාවලපිටිය දුම්රිය ස්ථානය සඳහන් කළේ ය.
දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ, මේ හේතුවෙන්, උඩරට මාර්ගයේ දුම්රිය ප්‍රමාද වී ධාවනය විය හැකි බව ය.