STF: ප්‍රථම වරට කාන්තා සහකාර පොලිස් අධිකාරිවරියක්

විශේෂ කාර්ය බලකායට ප්‍රථම වරට කාන්තා සහකාර පොලිස් අධිකාරිවරියක් ..

by Staff writer 09-01-2022 | 5:54 PM

COLOMBO (News 1st) - ප්‍රථම වරට විශේෂ කාර්ය බලකායට (STF) කාන්තා සහකාර පොලිස් අධිකාරිවරියක පත් කර තිබේ.

ජාතික ආරක්ෂාව හා නීතිය හා සාමය ආරක්ෂා කරගැනීම සඳහා දැක්වූ විශේෂ කුසලතාවන් මෙන්ම සේවා අවශ්‍යතා මත රාජ්‍ය සේවා කොමිෂන් සභා විසින් මෙම උසස් වීම ලබා දී තිබේ. එමෙන්ම තවත් නිලධාරීන් 08කට සහකාර පොලිස් අධිකාරිවරුන් ලෙස උසස්වීම් ලබාදී ඇති අතර, විශේෂ කාර්ය බලකායේ ප්‍රධාන පොලිස් පරීක්ෂක තනතුරේ සිටි නිලධාරීන් 52 කින් සහ නිලධාරිනියන් දෙදෙනෙකුගෙන් මෙම තෝරාගැනීම් සිදු කර ඇත. ඒ අනුව ප්‍රධාන පොලිස් පරීක්ෂක තනතුරේ සිට සහකාර පොලිස් අධිකාරී තනතුරට පත්වූ නිලධාරින් වන්නේ ඩී. එස්. කුලසේකර, ඩබ්.ඒ.පී. සම්පත් කුමාර, අයි.එස්.ටී. පෙරේරා, ඩබ්.ඩී.එස් ද සිල්වා, කේ.ජී.ජී.ජී. නිශාන්ත, ඊ.ඒ.එම්. දයාරත්න, කේ.ඩී.ජී.සී. ගුණරත්න, ඒ.පී.ඊ.පී. කුලරත්න යි. මේ අතර සහකාර පොලිස් අධිකාරී තනතුරට උසස් කර තිබෙන එන්. ටී.එන්. කුමාරි නිලධාරිනිය විශේෂ කාර්ය බලකායේ ප්‍රථම සහකාර පොලිස් අධිකාරිවරියයි.