by Staff writer 09-01-2022 | 10:06 PM
COLOMBO (News 1st) – ලිට්‍රෝ ගෑස් සමාගම 2022-2023 වසර සඳහා ගෑස් ලබා ගැනීමට අදාළ ටෙන්ඩරය මේ වනවිට ප්‍රකාශයට පත් කර තිබේ.
ඒ අනුව නව ටෙන්ඩරය වසරක කාලයකට සීමා කර ඇති අතර ගෑස් සඳහා ගෙවීම් ඩොලරයට පමණක් සීමා නොවී ඕනෑම මුදල් ඒකකයකින් ගෙවීම් සිදු කළ හැකි වීම, ලෝක වෙළෙඳපොළේ මිල පහත යන අවස්ථාවල එහි වාසිය ජනතාවට ලබා දිය හැකිවීම ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් එහිදී අවධානය යොමු කර තිබේ.
මේ අතර අදත් ගෑස් පෝලිම් මෙන්ම භූමිතෙල් පෝලිම් ප්‍රදේශ රැසක දක්නට ලැබුණි.