by Staff Writer . 09-01-2022 | 12:47 PM
COLOMBO (News 1st ) - 2020/21 මහකන්නයේ වගා හානි වූ ගොවීන්ට මේ මස අවසන්වීමට පෙර වන්දි දෙන බව කෘෂිකර්ම හා ගොවිජන රක්ෂණ මණ්ඩලය සඳහන් කරයි.
එහි සභාපති, නීතිඥ ප්‍රේමචන්ද්‍ර ඈපා මහතා සඳහන් කළේ, ගොවීන් 150,000කට වන්දි හිමිවන බව ය.
ඒ සඳහා වෙන්කර ඇති මුදල රුපියල් මිලියන 1,500 කි
ඒ අනුව අක්කරයකට රුපියල් 40,000ක වන්දියක් හිමිවේ.
වී, අල, මිරිස්, ලොකු ලූණු වගාවන් සඳහා මෙම වන්දි ලබාදීමට නියමිතය.
ප්‍රේමචන්ද්‍ර ඈපා මහතා සඳහන් කළේ, මුදල් ගෙවා රක්ෂණය කර ඇති වගාවන් සඳහා ද මෙම වන්දි ලබාදෙන බවය.
වගාබිම් සඳහා වූ වන්දි මුදල් ගොවීන්ගේ බැංකු ගිණුම් වලට යොමු කරනු ඇත.