චීන විදේශ ඇමති වරාය නගරයේ සංචාරයක..

ජනපති, අගමැති හා චීන විදේශ ඇමති කොළඹ වරාය නගරයේ සංචාරයක..

by Staff writer 09-01-2022 | 8:26 PM

COLOMBO (News 1st) – චීන විදේශ අමාත්‍ය වැන්ග් යී මහතා, ජනාධිපතිවරයා , අග්‍රාමාත්‍යවරයා ඇතුළු පිරිසක් අද(09) පෙරවරුවේ වරාය නගර ව්‍යාපෘතියේ නිරීක්ෂණය කළහ.

65 වසරක චීන - ශ්‍රී ලංකා මිත්‍රත්වයත් 70 වසරක චීන ශ්‍රී ලංකා රබර් සහල් ගිවිසුම පිළිබඳව ත් දැක්වෙන ඡායාරූප ප්‍රදර්ශනය ද මෙහිදී ඔවුහු නිරීක්ෂණය කළහ. චීන - ශ්‍රී ලංකා මිත්‍රත්ව සැහැල්ලු ඔරු ශූරතාවලියේ සමාරම්භය චීන විදේශ අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් වරාය නගර භූමියේ සැහැල්ලු යාත්‍රාංගනයේදී සිදු කෙරුණේ ඉන් අනතුරුවයි. එම තරගාවලියේ ජයග්‍රාහකයින්ට පිරිනැමෙන කුසලාන ද මෙහිදී එළිදැක්විය. වරාය නගර සැහැල්ලු යාත්‍රාංගන පදික මංතීරුව ද අද(09) විවෘත කෙරුණු අතර , එය හෙට(10) පෙරවරු 9 සිට පස්වරු 6 දක්වා සෑම දිනකම ජනතාව වෙනුවෙන් විවෘත වේ. ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට තාවකාලික පිවිසුමේ සිට එලෙස ජනතාවට ගමන් කළ හැකි කොටසේ දිග මීටර් 500 කි.