පාසල් තුළදී වැඩිහිටියන්ටත් බූස්ටර් මාත්‍රාව..

පාසල් එන්නත්කරණ මධ්‍යස්ථානවලදී වැඩිහිටියන්ටත් බූස්ටර් මාත්‍රාව

by Staff Writer . 08-01-2022 | 7:54 AM

COLOMBO (News 1st) – පාසල් එන්නත්කරණ මධ්‍යස්ථාන තුළදී වැඩිහිටියන් සඳහා බූස්ටර් එන්නත ලබාදීමට පියවර ගෙන ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ, වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා පැවසුවේ, ඒ අනුව දෙමව්පියන්, පාසල් වෑන් රථ රියැදුරන් ඇතුළු වැඩිහිටියන්ට පාසල් එන්නත්කරණ මධ්‍යස්ථාන වෙත පැමිණ බූස්ටර් එන්නත ලබාගත හැකි බවය.