COLOMBO (News 1st) – මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ඉන්දීය සංචාරය කල්දැමීමට සිදුවන තත්ත්වයක් උද්ගතව තිබේ.
අමාත්‍යවරයා ලබන සඳුදා සහ අඟහරුවාදා ඉන්දියාවේ සංචාරය කිරීමට නියමිතව තිබුණි.
මල්වානේ නිවස හා ඉඩම සම්බන්ධ නඩුව අද(07) ගම්පහ මහාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේ අධිකරණයේ පෙනී සිටි මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු දුන් අවස්ථාවේ මේ කරුණු අනාවරණය විය.
මාධ්‍යවේදී ප්‍රශ්නය -
කවද්ද ඉන්දියාවට යන්නේ ?
බැසිල් රාජපක්ෂ මහතාගේ පිළිතුර -
ඉන්දියාවේ කොවිඩ්නේ
මාධ්‍යවේදී ප්‍රශ්නය -
යම් සාකච්ඡාවක් වෙනවද එහේ ?
බැසිල් රාජපක්ෂ මහතාගේ පිළිතුර -
දැන් යන්න බැහැනේ ඔක්කොම වහලා
මාධ්‍යවේදී ප්‍රශ්නය -
ත්‍රිකුණාමල ආයෝජනය කොච්චරද ඇමතිතුමා ?
බැසිල් රාජපක්ෂ මහතාගේ පිළිතුර -
ඒක අහන්න ඕනේ ඇමතිතුමාගෙන්.
මේ අතර බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසන්නේ ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ආපසු ලබා ගැනීම පිළිබඳව ඉන්දියාවේ හිත රිදී ඇති බවයි.
බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා
ඉන්දියාවෙන් මේ තෙල් ටැංකි ටික ගත්ත එක ගැන ඉන්දියාව ඉන්නේ හිත රිදිලා. ඒ නිසා ඉන්දියාවේ ඔත්තුකාරයෝ, ඉන්දියාවේ ඉත්තන් සහ ගැත්තන් විසින් මට පහර දෙනවා. මේ තෙල් ටැංකි ටික අපිට ගත්තේ ඉන්දියානු ප්‍රහාරයකට සූදානමින්.
විශ්වාසවන්ත මිතුරෙකු වන ඉන්දියාව මෙම දුෂ්කර කාලයේදී ශ්‍රී ලංකාවට සහය දෙන බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්.ජෙයශංකර් මහතා අද ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටියේ ය.
නව වසර වෙනුවෙන් විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතාට සුබ පතා ඇති ඉන්දීය විදේශ අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ, සමීප සබඳතාවය තවදුරටත් පවත්වාගෙ යාමට එකඟ වූ බවය.