තවත් කොරෝනා මරණ 16 ක්..

තවත් කොරෝනා මරණ 16 ක්..

by Staff Writer . 07-01-2022 | 9:45 PM

COLOMBO (News 1st) – කොරෝනා ආසාදිතව තවත් පුද්ගලයින් 16 දෙනෙකු මියගොස් තිබේ.

මිය ගිය අය අතුරින් 08 දෙනෙකු පිරිමි පුද්ගලයින් වන අතර 08 දෙනෙකු කාන්තාවන් ය. මියගිය පිරිස අතරින් 12 දෙනෙකුම අවුරුදු 60 හෝ ඊට වැඩි පුද්ගලයින් ය. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 15, 099 කි. මේ අතර, විදෙස්ගතව සිට පැමිණි 07 දෙනෙකු ඇතුළුව අද දින මේ දක්වා හඳුනා ගත් කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 588 ක් බව, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ ය.