අවු. 12 - 15 අතර දරුවන්ට එන්නත් දීම ඇරඹේ..

අවු. 12 - 15 අතර දරුවන්ට එන්නත් දීම ඇරඹේ..

by Staff Writer . 07-01-2022 | 8:03 PM

COLOMBO (News 1st) –වයස අවු 12 ත් 15 ත් අතර දරුවන්ට එන්නත් ලබාදීම අද(07) සිට ආරම්භ විය.

බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේදී හා පාසල් මට්ටමින් එන්නත් ලබාදීම සිදු වෙයි. නියෝඡ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා විශේෂඥ වෛද්‍යවරු විසින් ලැබිලා තියෙන දත්ත ගැඹුරින් අධ්‍යනය කරලා තමයි මේ තිරණයට ඇවිත් තියෙන්නේ. ඒ නිසා අපි සියලුම දෙමාපියන්ගෙන් ඉල්ලා සිටිනවා මේ එන්නත ලබා දීමට සුදුසු දරුවන්ට පමණයි මේ එන්නත ලබා දෙන්නේ .කලාතුරකින් මේ එන්නත ලබා දෙන පුද්ගලයන්ට ආසාත්මිකතාවක් එහෙම ඇති වෙන්න පුළුවන් නිසා එවැනි අයව අයින් කරලයි අපි මේ එන්නත ලබා දෙන්නේ.