by Staff Writer . 07-01-2022 | 5:29 PM
COLOMBO (News 1st) – බලශක්ති අමාත්‍යාංශය තෙල් ලබා නොදුණහොත් අද(07) දිනයේ විවිධ ප්‍රදේශවල විදුලිය විසන්ධි කිරීමට සිදුවන බව, ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.
එම මණ්ඩලය සඳහන් කළේ, සවස 6 .00 - රාත්‍රී 9.00 ත් අතර කාලයේ පැයක පමණ විදුලිය කප්පාදුවක් දිවයිනේ විවිධ ප්‍රදේශවල සිදුවිය හැකි බවයි.
පසුගිය 23 වැනිදා සිට මේ දක්වා ඛනිජ තෙල් සංස්ථාවෙන් විදුලි බල මණ්ඩලය වෙත තෙල් ලබා දී නොමැති.
ඒ තෙල් සඳහා විදුලි බල මණ්ඩලයෙන් ගෙවීම් නොකිරීම හේතුවෙනි.
තෙල් ලබා නොදුණහොත් සපුගස්කන්ද සහ කොළඹ වරායේ පිහිටි බාජ් බලාගාරයෙන් විදුලිය උත්පාදනය කිරීමට නොහැකි වනු ඇතැයි, ලංකා විදුලි බල මණ්ඩලය සඳහන් කළේ ය.
බාජ් බලාගාරයෙන් මොගාවොට් 60 ක් සහ සපුගස්කන්ද බලාගාරයෙන් මෙගාවොට් 102 ක් ජනනය කෙරේ.
අද සවස් කාලය වනවිට ඉන්ධන ලැබුණහොත්, විදුලිය ජනනයට අවකාශ ලැබෙනු ඇතැයි ද, විදුලි බල මණ්ඩලය සඳහන් කළේ ය.