ජොකොවිච් ඉන්නෙ ඔස්ට්‍රේලියාවේ නීතියට උඩින් නෙවෙයි – ඔස්ට්‍රේලියා උප අගමැති

ජොකොවිච් ඉන්නෙ ඔස්ට්‍රේලියාවේ නීතියට උඩින් නෙවෙයි – ඔස්ට්‍රේලියා උප අගමැති

ජොකොවිච් ඉන්නෙ ඔස්ට්‍රේලියාවේ නීතියට උඩින් නෙවෙයි – ඔස්ට්‍රේලියා උප අගමැති

කර්තෘ Sagarika Chathumali

07 Jan, 2022 | 10:44 am

”යමෙකුට තමන් ධනවතෙක් වූ පමණින් වෙනත් රටක නීතියට වඩා ඉහළින් සිටින බව සිතමින් ලෝකය පුරා සැරිසරන්න බැහැ…ජොකොවිච් රටට ඇතුළුවීමේ පෝරමය නිසි ලෙස පුරවා නැහැ කියන්නෙ, ඔහු වෙනත් රටක ස්වෛරීත්වය විහිළුවකට ගැනීමක්.. සත්‍ය වසන් කිරීම තුළ ඔහු 100%ක වැරැද්දක් කර තියෙනවා”

– ඔස්ට්‍රේලියා උප අගමැති –

ඒ , සත්‍ය වසන් කිරීම මත ‍වීසා බලපත්‍රය අවලංගු කර ඔස්ට්‍රේලියාවට ඇතුළුවීම අත්හිටුවා සිටින ලොව අංක එකේ ටෙනිස් ක්‍රීඩක නොවැක් ජොකොවිච් ඇතුළු කණ්ඩායම සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියා උප අග්‍රාමාත්‍ය  ජොයිස් සිදු කළ ප්‍රකාශයයි.

උප අග්‍රාමාත්‍යවරයා උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ,  ජොකොවිච් එන්නත්කරණ නීතිවලින් නිදහස්වීම ගැන සත්‍ය පවසා නොමැති නම් ඔහු ඔස්ට්‍රේලියාවෙන් පිටුවහල් කළ යුතු බවයි.

කිසිදු ලෝක ධනවතෙකුට තමන් සිටින්නේ නීතියට වඩා උඩින් යැයි සිතා ලොව පුරා සැරිසැරිය නොහැකි බව ද උප අග්‍රාමාත්‍යවරයා අවධාරණය කර තිබේ.

ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියට සහභාගී වීම සඳහා ඔස්ට්‍රේලියාවට පිටත්ව ගිය ජොකොවිච් රටට ඇතුළු කර ගැනීම ඔස්ට්‍රේලියානු දේශසීමා බලකාය ඊයේ ප්‍රතික්ෂේප කළේ ය.

මේ අතර මෙල්බර්න් නගරාසන්නයේ සංක්‍රමණික හෝටලයක රඳවා සිටින ජොකොවිච් රටින් පිටුවහල් කරන්නේ ද යන්න සම්බන්ධයෙන් වන අධිකරණ තීන්දුව අද ප්‍රකාශයට පත්කිරීමට නියමිතයි.

කොවිඩ් මර්දන එන්නත්කරණය ප්‍රතික්ෂේප කර සිටින 34 හැවිරිදි සර්බියානු ක්‍රීඩක ජොකොවිච්ට මෙල්බර්න්හි පැවැත්වෙන තරගාවලියට ක්‍රීඩා කිරීමට වෛද්‍ය නිදහසක් ලබාදී තිබේ.

ඔහුට එවැනි නිදහසක් ලබා දීම සම්බන්ධයෙන් බොහෝ ඕස්ට්‍රේලියානුවන්ගෙන් එල්ල වූයේ, දැඩි විරෝධයකි.

ඊයේ (06) ඩුබායි සිට පැමිණි ජොකොවිච් සංක්‍රමණිකයින් රඳවන හෝටලකට රැඳී සිටීමට සිදු වන්නේ, ඔස්ට්‍රේලියානු දේශසීමා බලකායේ නිලධාරීන් හමුවේ විධිමත් සාක්ෂි සැපයීමට අසමත්වීම හමුවේයි.

ඔස්ට්‍රේලියාවට ඇතුළුවන සියලුම සංචාරකයන් පූර්ණ ලෙස කොවිඩ් 19 එන්නත් ලබා ගත් අය විය යුතු අතර ජොකොවිච් පසුගිය වසරේදී පැවසුවේ කොවිඩ් එන්නත්කරණයට තමන් එකඟ නොවන බවයි.

ඔස්ට්‍රේලියා විවෘත ටෙනිස් තරගාවලිය ලබන 17 වැනිදා මෙල්බන්හිදී ආරම්භ වීමට නියමිත අතර, පසුගිය වසරේදී ඇතුළු අවස්ථා 9කදී එහි පිරිමි කේවල ශූරතා දිනා සිටින්නේ, ජොකොවිච් ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]