by Staff writer 06-01-2022 | 7:38 PM
COLOMBO (News 1st ) – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අදත් මහනුවර ස්ථාන කිහිපයක සංචාරය කළේ ය.
අද(06) පෙරවරුවේ මල්වතු මහා විහාරයට පැමිණි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සියම් නිකායේ මල්වතු පාර්ශ්වයේ අනු නායක අති පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම නාහිමියන් බැහැ දුටුවේ ය.
ජනාධිපතිවරයා මල්වතු පාර්ශ්වයේ අනු නායක අති පූජ්‍ය නියංගොඩ විජිතසිරි හිමියන් බැහැ දුටුවේ ඉන් අනතුරුවයි.
එහිදී උන්වහන්සේ ජනාධිපතිවරයාට ග්‍රන්ථයක් ද පිළිගැන්විය.
පසුව ගැටඹේ රාජෝපවනාරාමයට පැමිණි ජනාධිපතිවරයා ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික පූජ්‍ය කැප්පෙටියාගොඩ සිරිවිමල හිමියන්ද බැහැ දුටුවේ ය.
මේ අතර, වසර 400 කට වඩා පැරණි මහනුවර රජවීදියේ ඇහැලේපොළ වලව්වේ ප්‍රතිසංස්කරණ කටයුතු ද ජනාධිපතිවරයා අද නිරීක්ෂණය කළේ ය.
නාගරික සංවර්ධන අධිකාරියට පවරා ගත් මෙම ගොඩනැගිල්ල පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ සංවර්ධනය කරමින් තිබේ .