by Staff writer 06-01-2022 | 4:26 PM
COLOMBO (News 1st) – දිවයිනේ ප්‍රධාන වාරි ජලාශ 18 ක් තවදුරටත් වාන් දමමින් ඇතැයි වාරිමාරිග දෙපාර්තමේන්තුව පවසයි.
එහි ජල කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂ ඩී. අබේසිරිවර්ධන මහතා සඳහන් කළේ, පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ජලාශ රැසක් උපරිම වාන් මට්ටමට ළඟා වී ඇති බවයි.