COLOMBO (News 1st ) – අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලයේ නව තෙමහල් ගොඩනැගිල්ල අද(06) විවෘත කළේ ය.
මලියදේව බාලිකාවට වසර 75 ක් පිරිම නිමිත්තෙන් විශේෂ සමරු මුද්දරයක් හා මුල්දින කවරයක්ද එළි දැක්වුණේ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති උත්සවයේදී ය.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා
අධ්‍යාපනය සඳහා මෙතෙක් කිසිදු රජයක් වෙන් නොකරපු මුදලක් අපි මෙම වර්ෂයේ වෙන් කරලා තියෙනවා. ගුරුවරුන්ගේ වැටුප් ගැටලුව පවා සාධාරණීය ලෙස විසඳුමක් ලබාදෙන්න මම හිතන්නේ අපිට හැකිවුණා. අපි හැම දෙයක්ම කරන්නේ දරුවන් ගැන හිතලා. ඔබට ලැබෙන අවස්ථාවෙන් උපරීම ප්‍රයෝජන ගෙන සැබෑ දක්ෂයන් ලෙස ඉදිරියට එන්න කියලා. මේ දුවලාගෙන් ඉල්ලනවා. අභියෝග හමුවේ වුවත් අද අපි කරන්නේ මේ කැපවෙන්නේ ඔබට සුරක්ෂිත දියුණු රටක් නිර්මාණය කිරීමට බව සිහි තබාගන්නා ලෙස කරුවෙන් ඔබෙන් ඉල්ලා සිටිනවා.
උත්සව සභාවෙන් පිටව යන අවස්ථාවේ මලියදේව බාලිකා විද්‍යාලයේ මාධ්‍ය ඒකකයේ දැරියන් හමුවූ අග්‍රාමාත්‍යවරයා ඔවුන්ගේ අඩුපාඩු විමසා ඒවා වහාම සම්පූර්ණ කරන ලෙස අධ්‍යාපන අමාත්‍යවරයාට උපදෙස් දී තිබේ.