කෝට්ටේ ඇතුළු ප්‍රදේශ රැසක විදුලි සැපයුම ඇණහිටී..

කෝට්ටේ, මහරගම, ඇතුළු ප්‍රදේශ රැසක විදුලි සැපයුම ඇණහිටී..

by Staff writer 06-01-2022 | 8:03 PM

COLOMBO (News 1st ) –  කැලණිතිස්ස බලාගාරයේ ජනන යන්ත්‍රයක් ආපදාවට ලක්වීම හේතුවෙන්, කෝට්ටේ, මහරගම, ඇතුළු ප්‍රදේශ රැසක විදුලි සැපයුම ඇණහිට ඇතැයි විදුලිබල මණ්ඩලය පවසයි.

අද(06) රාත්‍රී 9.00 වනවිට විදුලි සැපයුම යථාතත්වයට පත් වනු ඇති බව විදුලිබල මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළේය.