by Sagarika Chathumali 06-01-2022 | 4:29 PM
COLOMBO (News 1st ) – පසුගිය මස 11 වනදා සිට අතුරුදන්ව සිටි කොටදෙණියාව, බාඳුරාගොඩ අතුරුදන් පිරිමි ළමුන් දෙදෙනා හමුවී තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ, අද (06) දහවල් කාන්තාවක් මෙම දරුවන් දෙදෙනා සමග පැමිණ ඔවුන් මීරිගම පොලිස් ස්ථානයට භාර දී ඇති බවයි.
වයස අවුරුදු 10 ක් හා 12 ක් වන ඥාති සොයුරන් වන මෙම දරුවන් දෙදෙනා අතුරුදන් බවට වාර්තාවී තිබුණේ, පසුගිය නොවැම්බර් 23 වනදා සිටයි.
දරුවන් දෙදෙනා වැඩිදුර විමර්ශන සඳහා කොටදෙණියාව පොලිස් ස්ථානයට භාරදීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසී ය.
අතුරුදන්ව සිටි කාලයේ දරුවන් දෙදෙනා නරත වී සිටි ස්ථාන සහ ඔවුන් අතුරුදන් වූ ආකාරය පිළිබඳ තොරතුරු අනාවරණය කර ගැනීම සඳහා වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.